Home » බළ­ඇණි පුහුණු පාඨ­මා­ලාවේ අති­ශූර ශිෂ්‍යාව ලුති­නන් එන්.ඩී.එස්. නවෝ­දිකා

බළ­ඇණි පුහුණු පාඨ­මා­ලාවේ අති­ශූර ශිෂ්‍යාව ලුති­නන් එන්.ඩී.එස්. නවෝ­දිකා

by Gayan Abeykoon
November 21, 2024 1:03 am 0 comment

ත්රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටී.එම්. ගුණා­නන්ද අම­ර­ජීව
මේජර් ජන­රාල් එස්.ඒ. කුල­තුංග මහතා දක්ෂ­තම වෙඩි­ක්කා­රිය හා සෑම අතින්ම අති­ශූර ශිෂ්‍යා­වට හිමි සම්මා­නය ලුති­නන් එන්.ඩී.එස්. නවෝ­දිකා නිල­ධා­රි­නි­යට ප්‍රදා­නය කර­මින්.

ශ්‍රී ලංකා යුද හමුදා 03 වන කාන්තා බළ­කාය වෙනු­වෙන් මඩ­ක­ලපු පූනානි පිහිටි බළ­ඇණි පුහුණු පාසල මඟින් පැවැත්වූ බළ­ඇණි පුහුණු පාඨ­මා­ලාවේ සම්මාන ප්‍රදා­නය නැඟෙ­න­හිර ආර­ක්ෂක සේනා ආඥා­පති එස්.ඒ. කුල­තුංග මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වුණි.

මෙහෙ­යුම් හැකි­යා­වන් වැඩි දියුණු කර­ගැ­නීම සඳහා පැවැත්වූ මෙම පාඨ­මා­ලාව තුළින් වෘත්තීය සංව­ර්ධ­න­යන් කරා කැපී පෙ‍ෙනන ජය­ග්‍ර­හ­ණ­යන් සනි­ටු­හන් කිරී­මට සෙබ­ළි­යන්ට මෙම පාඨ­මා­ලාව මනා පිටි­ව­හ­ලක් විය.

මෙම පාඨ­මා­ලාවේ දක්ෂ­තම වෙඩි­ක්කා­රිය හා සෑම අතින්ම අති­ශූර ශිෂ්‍යාව ලෙස ලුති­නන් එන්.ඩී.එස්. නවෝ­දිකා, දක්ෂ­තම ශාරී­රික යෝග්‍යතා සෙබ­ළිය ලෙස කාන්තා සෙබළ ජේ.එල්.වී. මධු­භා­ෂිණි මෙහිදී සම්මාන ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT