බණ්ඩාරවෙල නගරයේ අමතර පන්තියකට ගිය 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක අපහරණය කළැයි සැකපිට තරුණයකු පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරහවත්ත ඩයරබාවත්ත බාරතිපුරම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
ලියන්ගහවෙල වත්තේ පදිංචි පූනාගල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරිය සිය මිත්තණියගේ රැකවරණය යටතේ සිට ඇතැයි පොලීසිය පවසයි.
ඇය මෙම සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, ඇය බණ්ඩාරවෙල නගරයේ අමතර පන්තියකට පැමිණ මෙම තරුණයා මුණගැසී පසුව තරුණයා දැරිය කැඳවාගෙන ඔහුගේ නිෙවසට රැගෙන ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.
දැරිය නිෙවසට නොපැමිණි හෙයින් මේ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී දැරිය සැකකරුගේ නිෙවසේ රැඳී සිටියදී දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව ද පොලිසිය පවසයි.
මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දියතලාව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.