Home » නායගිය රත්න­පුර දෙමළ විදු­හල නව­න­ග­රයට

නායගිය රත්න­පුර දෙමළ විදු­හල නව­න­ග­රයට

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

කහ­වත්ත - ලසන්ත නිරෝ­ෂණ පෙරේරා

වර්ෂ 2020 සිට නාය­යෑ­මට ලක්ව ඇති රත්න­පුර දෙමළ මහා විද්‍යා­ලය, රත්න­පුර නව­න­ග­රය තුළ ස්ථාපිත කරන බව සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය සඳ­හන් කළාය. සබ­ර­ගමු ආණ්ඩු­කා­ර­ව­රිය මේ බව සඳ­හන් කළේ (19) වැනිදා රත්න­පුර නගර ශාලාවේ පැවැති එම විද්‍යා­ලයේ වාර්ෂික සංස්කෘ­තික ප්‍රසං­ග­යට එක්වෙ­මිනි. මෙහිදී අද­හස් දැක්වූ ආණ්ඩු­කා­ර­ව­රිය මෙසේද පැව­සු­වාය. ‘මා සබ­ර­ග­මුව ආණ්ඩු­කාර ධුරයේ වැඩ භාර ගත් පසුව සබ­ර­ග­මුව පළාතේ සිය­ලුම දෙමළ විද්‍යා­ල­වල විදු­හ­ල්ප­ති­ව­රුන් කැඳවා සාකච්ඡා කළා. එහිදී මතුවූ ගැටලු අතර රත්න­පුර නග­රය ආශ්‍රි­තව පිහිටි රත්න­පුර දෙමළ මහ විද්‍යා­ලය නාය යෑමට ලක්ව තිබෙ­නවා කියලා සඳ­හන් වුණා. ඒ අනුව මේ වන විට මෙම විද්‍යා­ලය රත්න­පුර නව­න­ග­රයේ පිහිටි අක්කර පහක වප­ස­රි­ය­කින් සම­න්විත භූමි භාග­යක ස්ථාපිත කිරී­මට සබ­ර­ග­මුව පළාත් සභාව කට­යුතු කර තිබෙ­නවා. එහි ඉදි­කි­රීම් කට­යුතු පිළි­බ­ඳව අග්‍රා­මාත්‍ය සහ අධ්‍යා­පන විෂ­ය­භාර අමාත්‍ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සමඟ අප සාකච්ඡා කිරී­මට කට­යුතු කර­නවා.’

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT