ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් පිටියට සමු දුන්නේය.
ඩේවිස් කුසලාන තරගාවලිය යටතේ පෙරේදා නෙදර්ලන්ත ක්‍රීඩක බෝල්ටික් වැන් ඩි සැන්ඩිස්චල්ප් හමුවේ වට 2-0ක පරාජයත් සමඟ නඩාල් සිය ක්‍රීඩා දිවියට තිත තැබීය.
38 හැවිරිදි නඩාල් වසර 20ක් ටෙනිස් පිටියේ රැඳී සිටි අතර, ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් දිනා ගැනීමට සමත් වූ ඔහු ඔලිම්පික් කේවල සහ යුගල රන් පදක්කම් ද්විත්වයක් ද දිනා තිබේ.
ඒ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි කේවල ශූරතා දිනාගත් ක්‍රීඩකයන් අතරේ නඩාල්ට ඉදිරියෙන් සිටින්නේ නොවැක් ජොකොවිච් පමණි. ප්‍රංශ ටෙනිස් ශූරතාව 14 වරක්, එක්සත් ජනපද විවෘත ශූරතා 4ක් ද ඔහුගේ ජයග්‍රහණවලට ඇතුළත්ය.
මලගාහිදී පැවති මේ තරග පරාජය සමඟ පිටියට සමුදුන් ඔහු කඳුළු පිරි දෙනෙතින් යුතුව පැවසුවේ මෙය කිසිවෙකුට පැමිණීමට අවශ්‍ය නොවන මොහොතක් බවයි.
ටෙනිස් ක්‍රීඩා කිරීමෙන් තමා වෙහෙසට පත් නොවුණත් තම ශරීරිය තව දුරටත් ක්‍රීඩා කිරීමට අකැමැති නිසා එය පිළිගත යුතු බවත්ය. නඩාල් පසුගිය ඔක්තෝබර් මස සිය සමුගැනීම ප්‍රකාශ කර තිබිණි.