Sunday, May 11, 2025
Home » ඊ.ටී.අයි. සහ ස්වර්ණ­ම­හල් නඩුව අප්‍රේල් මාසයේ කැඳ­වයි

ඊ.ටී.අයි. සහ ස්වර්ණ­ම­හල් නඩුව අප්‍රේල් මාසයේ කැඳ­වයි

by Gayan Abeykoon
November 21, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ඊ.ටී.අයි. සහ ස්වර්ණ­ම­හල් ආය­ත­න­වල අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ හිටපු සාමා­ජි­ක­යන් වන නාලක එදි­රි­සිංහ, ජීවක එදිරි­සිංහ, අංජලී එදි­රි­සිංහ සහ අසංක එදි­රි­සිංහ යන අය­වලු­න්ට එරෙ­හිව පනවා ඇති නඩුව නීති­පති උප­දෙස් සඳහා ලබන අප්‍රේල් මස 23 කැඳ­වන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (20) නියෝග කළාය.

සැක­ක­රු­වන්ට එරෙ­හිව පවරා ඇති නඩුව විවෘත අධි­ක­ර­ණ­යේදී කැඳවූ අව­ස්ථා­වේදී නීති­පති උප­දෙස් මෙතෙක් ලැබී නැති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දෙමින් කෙටි දින­ය­කින් නඩුව කැඳ­වන ලෙස කළ ඉල්ලී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝ­ගය සිදු කළාය.

ඊ.ටී.අයි. සහ ස්වර්ණ­ම­හල් සමා­ගම් සමූ­හයේ අධි­ප­තිනි නැසී­ගිය සෝමා එදි­රි­සිංහ මහ­ත්මිය ඇතුළු දරු­වන් සිව්දෙනා තැන්ප­ත්ක­රු­වන් 23,000කගේ පමණ මුදල් වංචා කර­මින් දෙස් විදෙස් දේපල මිලදී ගෙන තම සුඛ­වි­හ­ර­ණය සඳහා යොදා­ගෙන ඇති බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු කළ විම­ර්ශන අනා­ව­ර­ණය කර ඇත.

තැන්ප­ත්ක­රු­වන් විශාල පිරි­ස­ක­ගෙන් ලැබුණු පැමි­ණිලි ප්‍රකා­රව පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් ලැබුණු උප­දෙස් මත විම­ර්ශන සිදු කරනු ලබයි.

ඊ.ටී.අයි. සමා­ගම මහ­බැං­කුවේ ලියා­ප­දිංචි සමා­ග­මක් වුවද නීති විරෝධී අයු­රින් බිලි­යන 6.480ක්ද ස්වර්ණ­ම­හල් ආය­ත­නය ස්වර්ණා­භ­රණ විකු­ණන මුවා­වෙන් මුදල් උපයා නීති විරෝධී ගිණු­ම­කට රුපි­යල් බිලි­යන 7.2ක් බැර කර­ගෙන ඇති බවත් මේ මුදල් බැර කර­ගෙන ඇත්තේ සති­අන්ත පුව­ත්ප­ත්වල දැන්වීම් පළ කිරී­මෙන් බවද විම­ර්ශන අනා­ව­ර­ණය කර ඇත. නඩුව කැඳවූ අව­ස්ථා­වේදී සැක­ක­රුවෝ විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT