Friday, May 9, 2025
Home » අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට

අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට

by mahesh
November 22, 2024 1:00 am 0 comment

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත් වන වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ගේ වැඩිහිටි දීමනාව එම පවුල්වල අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සිටින වැඩිහිටියන්ට අදාළ රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව අද (22) සිට තම පවුල්වල අස්වැසුම බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය.

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල නොවන අවුරුදු 70ට වැඩි දැනටමත් එම දීමනාව ලබන ඉතිරි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනාව පෙර පැවැති ක්‍රමය අනුව අඛණ්ඩව තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළේය. මෙම යෝජනා ක්‍රමය යටතේ දැනටමත් පුද්ගලයන් 511,086ක් දෙනා ප්‍රතිලාභ ලබති. මෙම දීමනාව ගෙවීම සඳහා රජයකට මාසයකට රුපියල් 1,533,258,000ක මුදලක් වැය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT