Home » ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නෙතන්යාහුට වරෙන්තු

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නෙතන්යාහුට වරෙන්තු

ක්‍රියාත්මක කිරීම සාමාජික රටවලට භාර කරයි

by mahesh
November 22, 2024 1:00 am 0 comment

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට කඩා වැදී සිවිල් වැසියන් 1,200ක් ඝාතනය කිරීමට සහ තවත් පුද්ගලයන් 251 දෙනකු ගාසා තීරයට පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනීමට හමාස් සංවිධානයේ හමුදා නායකයාත්, එම සංවිධානය මුලිනුපුටා දැමීමට සිදු කළ හමුදා මෙහෙයුමේදී ගාසා තීරයේ පුද්ගලයන් 44,000ක් ඝාතනය වීමට බවට ඊශ්‍රායල අගමැති හා හිටපු ආරක්ෂක ඇමැතිවරයාත් වගකිව යුතු බව තීන්දු කරමින් එම වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ සඳහා පැවැති පූර්ව නඩු විභාගයේදී ඊශ්‍රායලයෙන් එල්ල වූ විරෝධතා සහ අභියෝග ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

හමාස් සංවිධානයේ හමුදා නායක මොහොමඩ් ඩීෆ් පසුගිය ජූලි මාසයේදී ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායලය ප්‍රකාශ කළද, ඔහුට වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය පියවර ගෙන තිබේ. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයේදී සිදුවූ බව කියන යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධව සාපරාධී වගකීම දරන පුද්ගලයන් මේ තිදෙනා බවට අපරාධ අධිකරණයේ තීන්දුව වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා ප්‍රතික්ෂේප කළද, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 124 වෙත පැවරෙන බවත් වාර්තා වේ. ඊශ්‍රායලයේ සමීපතම මිතුරු රාජ්‍යය වන අමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයන් නොවන බැවින් එම වරෙන්තුව පිළිබඳ ඔවුන්ගේ විරෝධතාව සැලකිල්ලට ලක් නොවනු ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT