64
යුද හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සමඟ එක්ව පෙරේදා (20) යාල ජාතික වනෝද්‍යානයේ ගෝනගංආර ප්‍රදේශයේ නීති විරෝධීව වගා කර පවත්වාගෙන ගිය ගංජා හේන් තුනක් වැටලීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු සමඟ දේශීය නිෂ්පාදනය කරන ලද .sks අවියක් සහ පතරොම් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.
වනෝද්‍යානයේ ස්ථාන 3ක් මෙලෙස අක්කර තුනකට ආසන්න ප්‍රදේශයක නීති විරෝධීව මේ වගා සිදුකර පවත්වා ගෙන ගොස් ඇත. එහිදී ගංජා පැළ 190000කට ආසන්න ප්‍රමාණයක් සමඟ අවුරුදු 36ක, 30ක හා 27ක පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු ගෝනගංආර පොලසිය සිදු කරයි.