මාතර බසයක රියැදුරකුට සහ බස් රථයකට යකඩ පොලුවලින් පහරදුන් පිරිසක් සොයා අලුත්ගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මාතර-කොළඹ පෞද්ගලික බස් රථ රියැදුරෙකු වන මාතර, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැමිණිලිකරු කොළඹ සිට මාතර දක්වා බස් රථයේ මඟීන් රැගෙන ගමන්කර ඇති අතර, ගමන අතරතුර කොළඹ – අලුත්ගම බස් රථයක රියැදුරු සමඟ මගීන් නංවාගැනීමේදී ආරවුලක් ඇතිකරගෙන තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
මාතර බස් රථය අලුත්ගම ප්‍රධාන නැවතුමේ නවත්වා ඉදිරියට ගමන් කිරීමේදී බෙන්තර පාලම ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මඟ හරස් කොට නවත්වා බස් රථයට සහ රියැදුරුට පහරදී තුවාල සිදුකර ජංගම දුරකතනයද කොල්ලකා ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් සොයාගැනීමට ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.