Home » නාගරික සංවර්ධන-නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

නාගරික සංවර්ධන-නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

by mahesh
November 22, 2024 1:00 am 0 comment

රන්මලි සෝමසිරි

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී රාජකාරි ඇරඹීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී උපාධිධරයකු වන රංජිත් ආරියරත්න මහතා සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභියෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා කිහිපයකට ද ඔහු හිමිකම් කියයි. ගුරු වෘත්තියෙන් රාජ්‍ය සේවයට පිවිසි රංජිත් මහතා සහකාර ඉඩම් කොමසාරිස්වරයකු, සමාජ සුභසාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු, පොලොන්නරුව දිසාපති, තැපල්පතිවරයා හා වයඹ පළාත් සභා ප්‍රධාන ලේකම්වරයා ලෙසත් තිස් වසරක් රාජ්‍ය සේවයේ නිරතව සිටියෙකි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයකු ලෙස ද සේවය කර ඇති ඔහු කලක් රජරට ගුවන් විදුලි සේවයට සම්බන්ධව මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කර ඇත. මෙම අවස්ථාවට අතිරේක ලේකම් ඩබ්.එම්. ආනන්ද මහතා සහ අංශ ප්‍රධානීන් සමඟ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT