Home » විදේශිකයන්ට කුලියට දෙන ගෙදරක භාණ්ඩ ඉස්සූ හොරු අත්අඩංගුවට

විදේශිකයන්ට කුලියට දෙන ගෙදරක භාණ්ඩ ඉස්සූ හොරු අත්අඩංගුවට

by mahesh
November 22, 2024 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

හෝකන්දර, හොරහේන ප්‍රදේශයේ විදෙස් සංචාරකයන් සඳහා තාවකාලික නවාතැන් ලබා දුන් නිවෙසකට හොරෙන් ඇතුළු වී එහි තිබූ ගෘහ භාණ්ඩ තොගයක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනකු සොරා ගත් ගෘහ භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පැවසීය.

ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. අදාළ නිවෙසෙහි හිමිකරුවන් වෙනත් ප්‍රදේශයක පදංචිව සිටින අතර, විදෙස් සංචාරකයන් සඳහා පමණක් මෙම නිවෙස තාවකාලික පදනම මත කෙටි කාලයක් සඳහා කුලී පදනමින් ලබා දී ඇති අතර, කිසිවකු එහි නොසිටි අවස්ථාවක සැකකරුවන් මෙම සොරකම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ. අදාළ නිවෙස පිහිටි වත්තෙහි පොල් කැඩීම සඳහා පැමිණි අයකු නිවෙසෙහි කිසිවකු නොමැති බව දැන ගැනීමෙන් පසු තවත් අයකු හා එක්ව මෙම සොරකම සිදු කර ඇති බව අනාවරණය වූ බවද පොලීසිය කීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර දකුණ, වේරගල මාවත පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු සහ හෝකන්දර දකුණ, කුඩාදෙනිය පටුමග පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT