Home » ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් වසර 100ක උරුමය උත්සවාකාරයෙන් සමරයි

ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් වසර 100ක උරුමය උත්සවාකාරයෙන් සමරයි

by damith
November 23, 2024 1:18 am 0 comment

ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් දිස්ත්‍රික්ක 82 සහ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) සහයෝගිතාවයෙන් පසුගියදා එහි සිය වසරක උරුමය සංකේතවක් කරමින් සීනුව නාද කිරීමේ අවස්ථාව පැවැත්විය. 1924 වර්ෂයේ, ආරම්භ කළ දා සිට, සාමාජිකයන් විසින් මෙහෙයවන ස්වේච්ඡා වැඩසටහන් හරහා ලොව පුරා පුද්ගලයන් දහස් ගණනකගේ සන්නිවේදන සහ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන් සවිබලගැන්වීමට ටෝස්ට්මාස්ටර්ස් සමාජය සමත්ව ඇත.

දිස්ත්‍රික් 82 අධ්‍යක්ෂ DTM ගංගා ප්‍රනාන්දු, හිටපු ජාත්‍යන්තර සභාපති, DTM බාල්රාජ් අරුණාසලම්, දිස්ත්‍රික් 82 වැඩසටහන් තත්ත්ව අධ්‍යක්ෂ, DTM නිරෝෂන් නඩරාජා, දිස්ත්‍රික් 82 සමාජ වර්ධන අධ්‍යක්ෂ, DTM භාතිය හෙට්ටිආරච්චි; කලාප 13 හිටපු කලාපීය උපදේශක, DTM සුදාෂ් ලියනගේ, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක, CSE ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ සභාපති TM අශේන් හිරන්ත සහ දිස්ත්‍රික් 82 හිටපු සහ වත්මන් දිස්ත්‍රික් නිලධාරීන් බොහෝ දෙනෙකු සහ CSE නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

උත්සවය සමාරම්භ කරමින් රජීව බණ්ඩාරනායක මහතා මෙලෙස සිය අදහස් දැක්වූවේය. “බැලූ බැල්මට ටෝස්ට්මාස්ටර්ස් යනු පිරිසක් ඉදිරියේ කතා කිරීමේ සහ සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමේ සමාජයකි. කෙසේ වෙතත්, ඊට එහා ගිය නායකත්වය, ආත්ම විශ්වාසය සහ පෞද්ගලික සංවර්ධනය ඇතිකිරීමෙන් සාමාජිකයන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ සුවිශේෂී තරගකාරී වාසියක් ලබා දීම දක්වා එහි කාර්යභාරය දිවයයි.

“ලබන පෙබරවාරි මාසයේ කොළඹ කොටස් හුවමාරුවේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ 10 වැනි සංවත්සරය පැවැත්වීමට සූදානමින් පසුවන අතර, එම සමාජය සාමාජිකයන් තුළ කුසලතා වර්ධනය කළ ආකාරය පිළිබඳ මම සාඩම්බරයෙන් පසුවෙමි.

අපගේ සාමාජිකයන්ට සමාජය තුළ ප්‍රධාන භූමිකාවන් ඉටුකිරීමට සහ කොළඹ කොටස් හුවමාරුවේ භූමිකාවන්ගේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට එය ඔවුන්ට උපකාරී වී තිබේ” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය. උත්සවයේ වැදගත්කම ආවර්ජනය කරමින් DTM ගංගා ප්‍රනාන්දු මෙලෙස සඳහන් කළාය. “අද අපි නාද කරන සීනුව මඟින් සංකේතවත් වන්නේ ආත්ම ගවේෂණය සහ අව්‍යාජත්වයේ ගමන් මාවතක් ලෙස සැලකිය හැකි පුද්ගලයන් වඩා හොඳ සන්නිවේදකයන් සහ නායකයන් ලෙස සවිබලගැන්වීමේ කටයුත්තේදී ටෝස්ට්මාස්ටර්ස් සමාජය සතු සුවිශේෂී ගෝලීය බලපෑම වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT