ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතන ජාලයක් වන HUTCH, සිය ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා පැවති SLIM Digis 2024 හිදී රන් සම්මානයක්, රිදී සම්මාන 4ක් සහ ලෝකඩ සම්මානයක් වශයෙන් සම්මාන 6කින් පිදුම් ලැබීමට සමත් විය. HUTCH මෙවර SLIM Digis හිදී සම්මාන දිනූ එකම දුරකතන සමාගම වූ අතර, එය ඩිජිටල් ක්ෂේත්‍රයේ HUTCH සතු ඉදිරිගාමී දැක්ම මෙන්ම ප්‍රවේගකාරී වෙළඳපොළක් තුළ නවෝත්පාදනය උදෙසා දක්වන කැපවීම මැනැවින් සංකේතවත් කළ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෙම වසරේදී ‘Best Performance Marketing Campaign’ කාණ්ඩය යටතේ ප්‍රථම වරට HUTCH වෙත SLIM Digis රන් සම්මානයක් හිමි වූ අතර, එයද විශිෂ්ට කාර්යසාධනයක් වෙනුවෙන් සමාගම දක්වන නොසැලෙන කැපවීම මනාව පිළිබිඹු කරයි.
එමෙන්ම ඉක්මනින් අනුගතවීමට සහ ක්ෂණිකව පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට හැකි වීම වෙනුවෙන් ‘Best Use of Agile/Moment Marketing’ කාණ්ඩයේ රිදී සම්මානයක් ද, තම ප්‍රවර්ධන වැඩසටහන් තුළදී සාර්ථක ලෙස ඩිජිටල් හා සමාජ මාධ්‍ය භාවිත කිරීම වෙනුවෙන් ‘Best Digital/Social Platform Integration’ කාණ්ඩයේ රිදී සම්මානයක් ද, ‘9 Apps’ සහ ‘Bill Shock’ යන වැඩසටහන් වෙනුවෙන් ‘Best Digital Marketing Campaigns in Telecom’ කාණ්ඩයේ රිදී සම්මාන දෙකක්ද වශයෙන් රිදී සම්මාන 4ක් ද HUTCH වෙත හිමි විය. මීට අමතරව විවිධාකාර වූ පාරිභෝගික කාණ්ඩ හා සමීපව සම්බන්ධවීම සඳහා සමාජ මාධ්‍ය තුළ කැපීපෙනෙන්නන්ගේ මැදිහත්වීම් නිර්මාණශීලි ලෙස භාවිත කිරීම වෙනුවෙන් ‘Best Use of Creator/Influencer Content’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක්ද HUTCH විසින් දිනාගන්නා ලදි.
“ඩිජිටල් විශිෂ්ටත්වය උදෙසා මෙන්ම සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යාම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මෙම සම්මාන මඟින් මැනවින් පිළිබිඹු වනවා. එමෙන්ම ඒවා ඩිජිටල් අලෙවිකරණය සහ පාරිභෝගික සබඳතා සම්බන්ධයෙන් අප අනුගමනය කරන ප්‍රවේශය නිවැරදි බවට මනා සාක්ෂියක්.