ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා නුවරඑළිය සහ නිට්ටඹුව යන නගර කේන්ද්‍රගත කරගනිමින් පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කරනු ලබන මෙම වැඩසටහන පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම දිවයිනේ විවිධ පළාත්වල සංවිධානය කරන ලදි. වැඩසටහන් මඟින් ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසකගේ මූල්‍ය සාක්ෂරතාව හා තිරසරව ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ ශක්‍යතාව ඉහළ නංවාලීමට සමාගමට හැකි විය.
HNB Financeහි නිපුණතා සංවර්ධන අංශ ප්‍රධානී අනුර උඩවත්ත මහතා විසින් මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව මෙහෙයවන ලද අතර, මෙහිදී ව්‍යාපාරයන්හි ගිණුම් පවත්වාගෙන යෑම, ණය කළමනාකරණය, ලාභයෙන් කොටසක් ප්‍රතිආයෝජනය කිරීම, ව්‍යාපාරයේ පිරිවැය කළමනාකරණය හා නව ව්‍යාපාරික අවස්ථා සොයා යෑම ආදී අංශයන් පිළිබඳව ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයන් දැනුම්වත් කරන ලද අතර, පසුගියදා පැවති වැඩසටහන් ද්විත්වය සඳහා ව්‍යවසායකයෝ 300කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම වැඩසටහන් සඳහා සහභාගී වූ ව්‍යවසායකයන් අතරින් වඩාත්ම නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ලද ව්‍යවසායකයන් තෝරාගනිමින් එම අදහස් සඳහා ත්‍යාග හිමිකර දීමට ද HNB Finance සමාගම කටයුතු කරන ලදි. මෙයට අමතරව සමාගම විසින් නිර්මාණය කරන ලද “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතා” අත්පොත මෙහි පැමිණි සියලු ව්‍යවසායකයින්ට ලබාදීම සිදු කෙරිණ.
HNB Finance PLC විසින් දිගුකාලීනව සිදු කරනු ලබන මෙම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන පිළිබඳව HNB Financeහි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරි චමින්ද ප්‍රභාත් මහතා “මූල්‍ය සාක්ෂරතාව ඕනෑම ව්‍යාපාරයක මූලික විනයයි. මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිව ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්නට නොහැකියි. මේ තත්ත්වය තේරුම් ගනිමින් විශේෂයෙන්ම ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව හා තිරසාරව ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව ඉහළ නංවාලීම සඳහා පසුගිය වසර කිහිපය පුරාවටම වැඩි දායකත්වයක් දක්වා තිබෙන අතර, මෙම වැඩසටහනේ පළමු අදියරෙහි සිට මේ දක්වා ඉතාම ක්‍රමානුකූලව ව්‍යාවසායකයන් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබාදීමට අපට හැකි වී තිබෙනවා. ” යනුවෙන් පැවසීය.