ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොෙළ් හදිසි ආරක්ෂක තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ පස්වරුවේ වාර්තා කළේය. සසෙක්ස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ගුවන්තොටුපොළට පැමිණි මගියකු සතු ගමන් මල්ලකින් සැක කටයුතු තහනම් භාණ්ඩයක් සොයා ගැනීමෙන් පසු එම තත්ත්වය ඇති වූ බවය. එම සැක කටයුතු භාණ්ඩය යම්කිසි පුපුරන ද්‍රව්‍යයක් බවට සැක පහළවීම හේතුවෙන් ගුවන්තොටුපොළේ දකුණු පර්යන්තයේ සියලු මගීන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර, බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවීමට ද සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගුවන්තොටුපොළ ඇතුළත සහ පිටත ආරක්ෂක කටයුතු සඳහා පොලිස් සුනඛයන් ද ගෙන්වා ඇති බව ද වාර්තා වේ. ගුවන්තොටුපොළේ දකුණු පර්යන්තයේ මගීන් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවද, එහි සෙසු පර්යන්තවල මෙහෙයුම් බාධාවකින් තොරව සිදුවූ බවත්, දකුණු පර්යන්තය භාවිත කරන බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ඇතුළු දෙස් විදෙස් ගුවන් සමාගම් කිහිපයක ගුවන් මෙහෙයුම්වලට පමණක් බාධා සිදුවූ බවත් වාර්තා වේ. දකුණු පර්යන්තය කරා ධාවනය වන දුම්රිය සේවාව ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරින් පියවර ගෙන තිබේ.
විශාලත්වයෙන් ලන්ඩන් නුවර හීත්රූ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පමණක් දෙවැනි වන ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 40කට සේවය සපයන අතර, මධ්‍යම ලන්ඩනයේ සිට කිලෝමීටර් 45ක් දකුණු දෙසින් බටහිර සසෙක්ස් ප්‍රාන්තයේ පිහිටි ලොව වඩාත්ම ජනප්‍රිය ගුවන්තොටුපොළකි.