Home » ලන්ඩ­නයේ ගැට්වික් ගුව­න්තො­ටු­පොළ බෝම්බ බිය­කින් කැල­ඹෙයි

ලන්ඩ­නයේ ගැට්වික් ගුව­න්තො­ටු­පොළ බෝම්බ බිය­කින් කැල­ඹෙයි

දකුණු පර්ය­න්තයේ සියලු මගීහු ඉවත් කෙරෙති

by damith
November 23, 2024 1:18 am 0 comment

ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො‍ෙළ් හදිසි ආර­ක්ෂක තත්ත්ව­යක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ පස්ව­රුවේ වාර්තා කළේය. සසෙක්ස් ප්‍රාන්ත පොලි­සිය ප්‍රකාශ කර ඇත්තේ ගුව­න්තො­ටු­පො­ළට පැමිණි මගි­යකු සතු ගමන් මල්ල­කින් සැක කට­යුතු තහ­නම් භාණ්ඩ­යක් සොයා ගැනී­මෙන් පසු එම තත්ත්වය ඇති වූ බවය. එම සැක කට­යුතු භාණ්ඩය යම්කිසි පුපු­රන ද්‍රව්‍ය­යක් බවට සැක පහළවීම හේතු­වෙන් ගුව­න්තො­ටු­පොළේ දකුණු පර්ය­න්තයේ සියලු මගීන් ඉවත් කිරී­මට ආර­ක්ෂක අංශ පිය­වර ගෙන ඇති අතර, බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳ­වී­මට ද සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ගුව­න්තො­ටු­පොළ ඇතු­ළත සහ පිටත ආර­ක්ෂක කට­යුතු සඳහා පොලිස් සුන­ඛ­යන් ද ගෙන්වා ඇති බව ද වාර්තා වේ. ගුව­න්තො­ටු­පොළේ දකුණු පර්ය­න්තයේ මගීන් ඉවත් කිරී­මට පිය­වර ගනු ලැබු­වද, එහි සෙසු පර්ය­න්ත­වල මෙහෙ­යුම් බාධා­ව­කින් තොරව සිදුවූ බවත්, දකුණු පර්ය­න්තය භාවිත කරන බ්‍රිතාන්‍ය ගුවන් සමා­ගම ඇතුළු දෙස් විදෙස් ගුවන් සමා­ගම් කිහි­ප­යක ගුවන් මෙහෙ­යු­ම්ව­ලට පම­ණක් බාධා සිදුවූ බවත් වාර්තා වේ. දකුණු පර්ය­න්තය කරා ධාව­නය වන දුම්රිය සේවාව ද තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට බල­ධා­රින් පිය­වර ගෙන තිබේ.

විශා­ල­ත්ව­යෙන් ලන්ඩන් නුවර හීත්රූ ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළට පම­ණක් දෙවැනි වන ගැට්වික් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ වාර්ෂි­කව ගුවන් මගීන් මිලි­යන 40කට සේවය සප­යන අතර, මධ්‍යම ලන්ඩ­නයේ සිට කිලෝ­මී­ටර් 45ක් දකුණු දෙසින් බට­හිර සසෙක්ස් ප්‍රාන්තයේ පිහිටි ලොව වඩාත්ම ජන­ප්‍රිය ගුව­න්තො­ටු­පො­ළකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT