ඉන්දියාව සහ කැරීබියන් දූපත් සමූහයේ රාජ්‍යයන් අතර පැවැත්වෙන සමුළුවට සහභාගි වෙමින් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බාබඩොස් රාජ්‍යයේ සංචාරයකට එක්වූ බවත්, ඉන්දීය රාජ්‍ය නායකයකු බාබඩොස් දූපත් රාජ්‍යයේ සංචාරයකට එක්වූයේ වසර 56කට පසුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර ගයානා රාජ්‍යයේ ද පළමුවරට සංචාරය කළ ඉන්දිය අගමැතිවරයා බාබඩොස් රාජ්‍යයට ගොඩ බට අවස්ථාවේදී එරට අගමැතිනිය මියා අමෝර් මොට්ලේ විසින් පිළිගනු ලැබු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කැරීබියන් දූපත් සමූහයට අයත් රටවල් 21ක රාජ්‍ය නායකයන් 15 දෙනකු සහ තවත් අනුබද්ධිත රටවල් 6ක සාමාජිකයන් සමඟ ඉන්දියාව එම සමුළුවට එක්වී සිටින අතර, එම සමුළුව ස්ථාපිත කර ඇත්තේ 1973 වසරේදී බවද වාර්තා වේ. මිලියන 16ක ජනතාවක් වෙසෙන කැරීබියන් දූපත් සමූහයේ සාම්ප්‍රදායික ගෝත්‍රිකවාසීන් හැරුණුවිට ඉන්දිය, අප්‍රිකානු, යුරෝපීය, පෘතුගීසි සහ ජාවා සම්භවයක් සහිත ජනතාව ජීවත්වන අතර, තුන්දහසකට අධික ඉන්දීය සම්භවයක් සහිත ජනතාව බාබඩොස් දූපත් රාජ්‍යයේ ජීවත්වන බව වාර්තා වේ.