Home » අධි­බල යතු­රු­පැ­දි­යෙන් ගිය තරු­ණයා පොලීසි­යට කොටු වෙයි

අධි­බල යතු­රු­පැ­දි­යෙන් ගිය තරු­ණයා පොලීසි­යට කොටු වෙයි

by damith
November 23, 2024 1:03 am 0 comment

දකුණු පළාත් සංචා­රක එස් දීය­ග­හගේ

ශ්‍රි ලංකාවේ මහා මාර්ග­වල ධාව­නය කළ නොහැකි අධි බලැති එන්ජින් ධාරි­තා­ව­ය­කින් යුත් (සී.සී.1000) යතුරු පැදි­යක් ධාව­නය කර­මින් සිටි තරු­ණ­යෙක් ගාල්ල පොලි­සියේ විශේෂ යතුරු පැදි ඒක­කය විසින් යතුරු පැදි­යද සමඟ ඊයේ ( 22 ) රත්ග­මදි අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය.

මෙසේ අත්අං­ඩං­ගු­වට ගෙන ඇත්තේ හික්ක­ඩුව පදිංචි තරු­ණ­යකු වන අතර ඔහු හික්ක­ඩුව සිට ගාල්ල දෙසට මෙම අධි බලැති යතුරු පැදිය ධාව­නය කර­මින් සිටි­යදි පොලිස් නිල­ධා­රින් රත්ග­මදි නවතා පරික්ෂා කර ඇත. එහිදි අනා­ව­ර­ණ­යවි ඇත්තේ මෙය මෙරට ධාව­නය කල නොහැකි අධි බලැති එන්ජින් ධාරි­තා­ව­ය­කින් යුතු එක­ක්වන අතර ලියා පදිංචි කර නැති බවය.එහෙත් ව්‍යාජ අංක තහ­ඩු­වක් සවි­ක­ර­ගෙන ධාව­නය කර ඇති බවද අනා­ව­ර­ණ­යව ඇත.

විශේෂ යතුරු පැදි ඒක­කයේ උප පොලිස් පරි­ක්ෂක ප්‍රියන්ත මහතා ඇතුළු නිල­ධාරි කණ්ඩා­ය­මක් විසින් යතුරු පැදිය සමඟ සැක­කරු අත් අඩං­ගු­වට ගෙන ඇති අතර සැක­කරු අද ගාල්ල මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කිරි­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT