Home » කප්ප­මක් ඉල්ලා බය­කර තරු­ණි­ය­කට අත­වර කළැයි පොලී­සියේ දෙන්නෙක් උසා­වි­යට

කප්ප­මක් ඉල්ලා බය­කර තරු­ණි­ය­කට අත­වර කළැයි පොලී­සියේ දෙන්නෙක් උසා­වි­යට

by damith
November 23, 2024 1:03 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

යාප­නය චුන්නා­කම්හි පිහිටි නි‍ෙව­ස­කට ගොස් තරු­ණි­යක බිය ගන්වා රුපි­යල් ලක්ෂ 12ක කප්ප­මක් ඉල්ලා ඇයට තර්ජ­නය කර ලිංගික අත­වර කළ බව කියන පොලිස් කොස්තා­ප­ල්ව­රුන් දෙදෙ­නෙක් චුන්නා­කම් පොලී­සිය විසින් පෙරේදා (21) අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ.

පලාලි පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත පොලිස් කොස්තා­ප­ල්ව­රුන් දෙදෙ­නකු මෙසේ අත්අ­ඩං­ගු­වට පත්වූ අතර වැඩ තහ­න­ම­කට ද ලක් විය.

චුන්නා­කම් ඒලාලේ නැඟෙ­න­හිර ප්‍රදේ­ශයේ පදිංචි තරු­ණිය චුන්නා­කම් පොලිස් ස්ථාන­යට පසු­ගි­යදා පැමිණ පැමි­ණි­ල්ලක් කර ඇත්තේ 04 වෙනිදා සිය නි‍ෙව­සට පොලි­සි­යෙන් බව කිය­මින් සිවිල් ඇඳු­මින් සැර­සුණු දෙදෙ­නෙක් බල­හ­ත්කා­ර­යෙන් ඇතුළු වූ බවය.

තමාගේ නිරු­වත් දර්ශන සහිත වීඩි­යෝ­වක් ඔවුන් සතුව ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් සිදු­ක­රන බවත් පව­ස­මින් තමාව බිය ගන්වා ලිංගික අත­වර කර­මින් මුදල් ඉල්ලා සිටි බව ඇය පොලී­සි­යට පවසා තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­යේදී පොලී­සි­යට පෙනී ගොස් ඇත්තේ සැබෑ ලෙසම පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නකු ඇගේ නි‍ෙව­සට ගොස් ඇති බවය.

මෙම තරු­ණිය ඇගේ පෙම්වතා සමඟ එකට සිටි වීඩියෝ දර්ශ­න­යක් මෙම නිල­ධා­රීන්ට ලැබී ඇති බවත්. ඇයට එම වීඩි­යෝව පෙන්වා බිය ගන්වා මුදල් ලබා ගැනීම ඒ අයගේ අර­මුණ වී ඇති බවත් විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

ඒ අනුව මෙම නිල­ධා­රීන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ පොලී­සිය ඊයේ (22) මල්ලා­කම් අධි­ක­ර­ණ­යට සැක­ක­රු­වන් ඉදි­රි­පත් ක‍ෙළ්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT