යාපනය චුන්නාකම්හි පිහිටි නිෙවසකට ගොස් තරුණියක බිය ගන්වා රුපියල් ලක්ෂ 12ක කප්පමක් ඉල්ලා ඇයට තර්ජනය කර ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් චුන්නාකම් පොලීසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබූහ.
පලාලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට පත්වූ අතර වැඩ තහනමකට ද ලක් විය.
චුන්නාකම් ඒලාලේ නැඟෙනහිර ප්රදේශයේ පදිංචි තරුණිය චුන්නාකම් පොලිස් ස්ථානයට පසුගියදා පැමිණ පැමිණිල්ලක් කර ඇත්තේ 04 වෙනිදා සිය නිෙවසට පොලිසියෙන් බව කියමින් සිවිල් ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් බලහත්කාරයෙන් ඇතුළු වූ බවය.
තමාගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝවක් ඔවුන් සතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් පවසමින් තමාව බිය ගන්වා ලිංගික අතවර කරමින් මුදල් ඉල්ලා සිටි බව ඇය පොලීසියට පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පොලීසියට පෙනී ගොස් ඇත්තේ සැබෑ ලෙසම පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇගේ නිෙවසට ගොස් ඇති බවය.
මෙම තරුණිය ඇගේ පෙම්වතා සමඟ එකට සිටි වීඩියෝ දර්ශනයක් මෙම නිලධාරීන්ට ලැබී ඇති බවත්. ඇයට එම වීඩියෝව පෙන්වා බිය ගන්වා මුදල් ලබා ගැනීම ඒ අයගේ අරමුණ වී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ පොලීසිය ඊයේ (22) මල්ලාකම් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කෙළ්ය.