Home » බඩෝ­විට මැරයෝ අත්අඩංගුවට

බඩෝ­විට මැරයෝ අත්අඩංගුවට

by damith
November 23, 2024 1:03 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

දෙහි­වල ප්‍රදේ­ශයේ නි‍ෙව­ස­කට පහ­රදී රුපි­යල් ලක්ෂ ගණ­නා­වක අලාභ කර රුපි­යල් ලක්ෂ 12කට අධික වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුර­ක­තන හත­රක් කොල්ලකෑ 6 දෙනාගේ කල්ලියේ දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය කියයි.

එම සැක­ක­රු­වන් දෙදෙ­නා­ගෙන් අයකු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ගෑම් 12,150ක් සමඟ පහ­ර­දී­මට යොදා­ගත් කඩු දෙකක්, කුඩ­යක්, පොලිස් භාර­යට ගෙන ඇත.

ගල්කිස්ස, බඩෝ­විට ප්‍රදේ­ශයේ දෙපා­ර්ශ්ව­යක් අතර පව­තින ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­ය­කුගේ බිරි­යට පීහි­යෙන් ඇනී­මට තැත් කිරීම සම්බ­න්ධ­යෙන් මෙම ප්‍රහා­රය දියත් කර තිබූ බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබිණි.

සැක­ක­රු­වන් එම ප්‍රහා­රය දියත් කරන අව­ස්ථා­වේදී නිවැ­සි­යන් පලා­ගොස් තිබූ බවද පොලි­සිය කියයි.

එම සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වකු බඩෝ­විට පාලම අසල රැඳී සිටින බවට ලද තොර­තු­ර­කට අනුව අත්අ­ඩං­ගු­වට ගෙන පරීක්ෂා කිරී­මේදී ඔහු සන්ත­කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනී­මට හැකිවූ බව පොලී­සි­යය කියයි.

අන­තු­රුව සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී එම සිද්ධි­යට යොදා­ගත් කඩු­වක් ඔහු පදිංචි බඩෝ­විට නි‍ෙවස තුළ සඟවා තිබි­ය­දීත් එම සිද්ධි­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වකු ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බව පොලි­සිය සඳ­හන් කරයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා වයස අවු­රුදු 29 – 30 අතර පසු­වන ගල්කිස්ස බඩෝ­විට පදිං­චි­ක­රු­වන්ය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ප්‍රසන්න බ්‍රාහ්මණ පොලිස් අධි­කාරි රෝහන් පුෂ්ප කුමාර මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත ගල්කිස්ස කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අමිලෝ ගෝවින්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT