Home » කොළඹ-මාතර බස­යට පහ­ර ­දුන් තිදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

කොළඹ-මාතර බස­යට පහ­ර ­දුන් තිදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට

දෙදෙ­නෙක් සොයා පරී­ක්ෂණ

by damith
November 23, 2024 1:16 am 0 comment

අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

අලු­ත්ගම නග­රයේ බේරු­වල ප්‍රාදේ­ශීය සභා නගර ශාලාව ගොඩ­නැ­ඟිල්ල ඉදි­රි­යේදී ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉකුත් 20 වැනිදා රාත්‍රියේ කොළඹ සිට මාතර දක්වා මගීන් පට­වා­ග­මන් ගත් පෞද්ග­ලික බස් රථ­ය­කට මාර්ග අංක 400 බස් රථ­යක් හා ත්‍රිරෝද රථ­යක් මාර්ගය හරස් කර පුද්ග­ල­යන් පස් දෙනකු මාතර බස් රථ­යට හා එහි ගමන් ගත් රියැ­දු­රුට කොන්දො­ස්ත­රට පහ­රදී බස් රථයේ ඉදි­රි­පස වීදුරු දෙකට හා පැති වීදු­රු­ව­කට රුපි­යල් 120,000ක පමණ අලා­භා­න­යක් සිදු­කර ඇති සිද්ධි­යට සම්බන්ධ පුද්ග­ල­යන් පස් දෙනා­ගෙන් තිදෙ­නකු ඊයේ (22) අලු­යම අලු­ත්ගම පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

කොළඹ සිට මාතර දක්වා ධාව­නය වූ බස් රථය අත­ර­ම­ඟදී පසු­ප­සින් අලු­ත්ගම දෙසට පැමිණි බස් රථ­යට මගීන් පටවා ගැනීමේ අව­ස්ථාව අහිමි කර­මින් තැනින් තැන බස් නැව­තු­ම්ව­ලින් මාතර බස් රථය මඟීන් පටවා ගැනී­මට උරණ වී මෙම ආර­වුල සිදුව ඇති බව විම­ර්ශන සිදු කරන අලු­ත්ගම පොලී­සිය පව­සයි.

සිද්ධි­යට සම්බන්ධ අලු­ත්ගම කොළඹ බස් රථයේ රියැ­දුරු හා කොන්දො­ස්ත­ර­ව­රයා අත­ර­ම­ඟදී මග්ගොන ප්‍රදේ­ශයේ ත්‍රිරෝද රථ­ය­කට කතා­කර එහි තවත් දෙදෙ­නෙකු පොලු මුගු­රුද සමඟ කැඳවා මුලින් බස් රථය ප්‍රාදේ­ශීය සභා නගර ශාලාව අස­ලදී මඟ හරස් කර පසුව ත්‍රිරෝද රථය පැමිණ මාර්ගය හර­ස්කර එම ත්‍රිරෝද රථයේ පැමිණ තිදෙනා හා අලු­ත්ගම කොළඹ බස් රථයේ රියැ­දුරු කොන්දො­ස්තර ඇතුළු පස්දෙනා මාතර බස් රථයේ ඉදි­රි­පස වීදුරු දෙක­කට හා පැති ජනෙල් වීදු­රු­ව­කට අලා­භ­හානි කර මාතර බස් රථයේ රියැ­දුරු හා කොන්දො­ස්ත­රට ද පහ­රදී පලා ගොස් තිබේ. මේ සම්බ­න්ධ­යෙන් මාතර බස් රථයේ රියැ­දුරා අලු­ත්ගම පොලී­සි­යට කළ පැමි­ණිල්ල අනුව විම­ර්ශන ක්‍රියා­ත්මක කර තිබේ.

මෙම හේතු­වෙන් මාතර දක්වා ගමන් කිරී­මට පැමිණි මඟීන්ද දැඩි අප­හ­සු­තා­ව­යට පත්ව වෙනත් බස් රථ­ව­ලින් පිටත්ව ගොස් තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ තල්පා­විල පාර, දෙවි­නු­වර හා අලු­ත්ගොඩ, දික්වැල්ල යන ලිපි­න­යන්හි පදිංචි 51 – 49 යන වයස් කාණ්ඩ­වල පසු­වන රියැ­දුරු හා කොන්දො­ස්තර යන දෙදෙනා බව පොලී­සිය පව­සයි. තර­ග­කාරී ලෙස මඟීන් පටවා ගැනීමේ සිද්ධි­යක් මුල් කර­ගෙන මෙම පහ­ර­දීම සිදු­කර ඇති බව පොලී­සිය අනා­ව­ර­ණය කර­ගෙන තිබේ.

මේ වන විට පහ­ර­දීමේ සිද්ධි­යට සම්බන්ධ අලු­ත්ගම කොළඹ බස් රථයේ බෙන්තොට ප්‍රදේ­ශයේ පදිංචි 49 හැවි­රිදි රියැ­දු­රුත් මග්ගොන ප්‍රදේ­ශයේ පදිංචි 27 හැවි­රිදි කොන්දො­ස්තර හා මග්ගොන ප්‍රදේ­ශ­යේම පදිංචි 21 ත්‍රිරෝද රථ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පහ­ර­දී­මට ත්‍රිරෝද රියෙන් පැමිණි කොන්දො­ස්ත­ර­ව­ර­යාගේ මිතු­රන් දෙදෙ­නකු වන සැක­ක­රු­වන් ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් සැඟව ඇති බව පොලී­සිය පව­සයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් තිදෙනා අද (22) කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT