ගාල්ල, නාගොඩ, කැප්පිටියාගොඩ යකඩ පාලම අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයෙකු පාලම කඩා වැටීමෙන් පෙරේදා (21) සවස එම ස්ථානයේ ම මියගොස් ඇතැයි නාගොඩ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ, කැප්පිටියාගොඩ පදිංචිව සිටි උමගිලියගේ තරංග වර්ණ නමැති 69 හැවිරිදි කාර්මික ශිල්පියෙකි.
පෙරේදා (21) සවස ඔහු පාලම අලුත්වැඩියා කරමින් සිටියදී පාලම කඩා වැටී එහි යකඩ කම්බිවලට හිරවී එම ස්ථානයේම මියගොස් ඇත. පසුව නාගොඩ පොලීසිය හා ගම්වාසීන් එක්ව සිරුර ගොඩට ගෙන ඇත. මේ දිනවල පවතින් අධික වර්ෂාවත් සමඟ ගඟෙහි ජල මට්ටමද ඉහළ නැඟ ඇති නිසා මළ සිරුර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බවද පොලීසිය පැවසීය.
මෙම පාලම ප්රාදේශීය සභාවට අයත් එකක් වන අතර එහි අබලන් තත්ත්වය පිළිබඳව මෙයට පෙර අවස්ථා කිහිපයකදීම තමන් ප්රාදේශීය සභාව දැනුම්වත් කර තිබූ බව ගම්වැසියෝ පැවසූහ.