94
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයෝ පිරිසක් පෙරේදා දකුණු අප්රිකාව බලා පිටත්ව ගියහ. ඊට ක්රීඩකයන් හත් දෙනෙක්, ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ සහාය කාර්යමණ්ඩලයේ කිහිපදෙනකු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ටෙස්ට් කණ්ඩායමේ ක්රීඩකයන් 10 දෙනකු මින් පෙර දකුණු අප්රිකාව බලා පිටත්ව ගිය අතර මේ පිරිස එහිදී ඔවුන් සමඟ එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වෙයි. කණ්ඩායම පිටත්ව යෑමට පෙර ආගමික වතාවත්වල නිරත වූ අයුරු.