Saturday, May 3, 2025
Home » රුහුණු විශ්වවිද්‍යාලයට උපකුලපති වෙනුවට නිසි බලධරයෙක්

රුහුණු විශ්වවිද්‍යාලයට උපකුලපති වෙනුවට නිසි බලධරයෙක්

by chanaka
November 24, 2024 7:14 pm 0 comment

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් අද (24) නිකුත් කරමින් මෙම පත්කිරීම සිදුකර ඇත.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙය නිකුත්කර තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව එහි සඳහන්වේ.

ඒ අනුව පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද නියමයක්, නියමාවලියක්, ප්‍රඥප්තියක්, අතුරු ව්‍යවස්ථාවක්, නියෝගයක් හෝ රීතියක් යටතේ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙත පිළිවෙලින් පිරිනමන ලද කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා හෙට (25) සිට බල පැවැත්වෙන පරිදි පත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT