Home » මීගමුව කලපුවේ ඔරුවක් පෙරළී පියා සහ දියණිය අතුරුදන්

මීගමුව කලපුවේ ඔරුවක් පෙරළී පියා සහ දියණිය අතුරුදන්

by chanaka
November 24, 2024 7:44 pm 0 comment

මීගමුව මුන්නක්කරෙයි කළපු ප්‍රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ.

මීගමුව පොලීසිය පැවසුවේ අද (24) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

පුද්ගලයින් 7 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර එයින් 5 දෙනෙකු දිවි බේරාගෙන තිබේ.

මෙලෙස දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ 50 හැවිරිදි පියා සහ 20 හැවිරිදි දියණිය බව පොලීසිය පවසයි.

අනතුරට පත් ඔරුවේ ගමන් කළ පිරිස අතර එකම පවුලේ 05දෙනෙකු, ක්‍රිස්තියානි පූජකවරයෙක් හා ඔරුවේ පැදිකරුවන අතර මොවුන් සවාරියක් යමින් සිටියදී අනතුරට මෙලෙස පත්ව තිබේ.

දියේ ගිලී බේරාගත් පිරිසෙන් වයස අවුරුදු 4ක ගැහැණු දරුවෙක් හා වයස අවුරුදු 59ක ඔරුව පැදවූ පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අතුරුදන් අයවලුන් සොයා පොලිසිය හා නාවික හමුදා කිමිදුම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ. මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT