Home » Mister World අවසන් 10 දෙනා අතරට ආ ශ්‍රී ලංකාවේ මේඝ

Mister World අවසන් 10 දෙනා අතරට ආ ශ්‍රී ලංකාවේ මේඝ

by chanaka
November 24, 2024 9:11 pm 0 comment

11 වන Mister World තරගය ඊයේ වියට්නාමයේ පැවැත්වුනේ රටවල් 60ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මේඝ සූරියආරච්චි ට අවසන් 10 අතරට පිවිසීමට හැකියාව ලැබුණි.

ඒ People’s Choice අංශය ජය ගැනීමෙනි. මීට අමතරව ඔහු Best National Costume People’s Choice තරග වටයද ජය ගත්තේය.

1998 වසරේ සිට Mister World කිරුළ වෙනුවෙන් තරග කල ශ්‍රී ලංකාව මේ දක්වා ලැබූ පළමු ජයග්‍රහණය වන්නේද මෙයයි. ඒ අනූව Mister World අවසන් වටය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද මේඝ යි.

කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වේ.

මේ දිනවල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වන්නේ ඔහුයි.

දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකි.

” Marine Drive ” සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේද මේඝයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT