Home » හිටපු මැකොගේ ගෙදරට හොරු පැනලා

හිටපු මැකොගේ ගෙදරට හොරු පැනලා

by chanaka
November 24, 2024 11:39 am 0 comment

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නිවෙසට සොරුන් ඇතුළුවී භාණ්ඩ සොරකම් කර ඇත.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා කියාසිටියේ, පසුගිය 22වැනිදා රාත්‍රියේ තමා ඇතුළු පවුලේ සාමාජිකයන් නිවෙසේ නොසිටි බවත්, සොරුන් එම අවසරයෙන් නිවෙසට ඇතුළුවී ඇති බවත්ය.

සොරුන් විසින් නිවෙසේ තිබූ රුපවාහිනි යන්ත්‍රයක් සහ ගෑස් සිලින්ඩර දෙකක් ඇතුළු තවත් භාණ්ඩ සොරකම් කර ඇතැයි නිරීක්ෂණය වූ බවද ඔහු සඳහන් කරයි.

ප්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු හෝ කිහිපදෙනකු මෙම සොරකම සිදුකර ඇති බවට සැකකරන බවද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT