Sunday, May 11, 2025
Home » බුද්ධි තොරතුරකින් මිලියන අටක අම්බර් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

බුද්ධි තොරතුරකින් මිලියන අටක අම්බර් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

by chanaka
November 24, 2024 6:05 pm 0 comment

යුද්ධ හමුදා බුද්ධි අංශයේ බුද්ධි තොරතුරක් මත නොච්චියාගම පොලිසියේ නිලධාරින් සමග එක්ව ඊයේ (23) සිදුකල වැටලීමකදී මිලියන අටකට ආසන්න වටිනාකමකින් යුත් තල්මසුන්ගෙන් ලබාගන්නා ඉතා වටිනා අම්බර් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අනුරාධපුර නගරයේදි අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලිසිය සමත් විය.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සතුව කිලෝග්‍රෑම් එකක අම්බර් මෙලෙස සන්තකයේ තබාගෙන සිට ඇත. එහි වටිනාකම මිලියන අටකට ආසන්නය වේ.

අවුරුදු 36 ක් වන තංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ අවුරුදු 24 ක් වන ගලෙන්බිඳුනුවැව කොකාවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලද යතුරුපැදියක් අත්අඩංගුවට ගන්නා ලද අතර ඉදිරි නීතිමය කටයුතු කටයුතු නොච්චියාගම පොලිසිය විසින් සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT