Home » උසස් පෙළ අද

උසස් පෙළ අද

ජංගම දුර­ක­තන භාවි­තය ශාලා­ධි­ප­ති­ව­රුන්ට පම­ණයි

by damith
November 25, 2024 1:16 am 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

රට පුරා මධ්‍ය­ස්ථාන 2312කදී විභා­ගය පැවැ­ත්වෙන අතර විභා­ගය පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන­විට සූදා­නම් කර ඇති බව ද ඒ මහතා පැව­සු­වේය.

සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,183ක් විභා­ගය සඳහා පෙනී සිටින අතර ඉන් 253,390ක් පාසල් අය­දු­ම්ක­රු­වන් බවත් 79,793 පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් බවත් ඒ මහතා පැව­සු­වේය.

මෙවර විභාග ශාලා තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­සර හිමි වන්නේ විභාග ශාලා­ධි­ප­ති­ව­රුන්ට පම­ණක් වන අතර සහ­කාර විදු­හ­ල්ප­ති­ව­රුන්ට හෝ කාර්ය මණ්ඩ­ල­යට විභාග මධ්‍ය­ස්ථාන තුළ ජංගම දුර­ක­තන භාවි­ත­යට අව­ස්ථාව නොලැ­බෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT