Home » පුරාවිද්‍යා ස්ථානයක අපරාධයකට පැමිණි ව්‍යාජ බ්‍රිගේ­ඩි­ය­ර් ඇතුළු එකො­ළ­හක් රිමාන්ඩ්

පුරාවිද්‍යා ස්ථානයක අපරාධයකට පැමිණි ව්‍යාජ බ්‍රිගේ­ඩි­ය­ර් ඇතුළු එකො­ළ­හක් රිමාන්ඩ්

by damith
November 25, 2024 1:15 am 0 comment

සිරි­පුර මදු­ශානි අබේ­සිංහ, ඇල­හැර - සරත් වෙල­ගෙ­දර

පුරා­විද්‍යා ස්ථාන­යක කැණීම් කට­යු­ත්තක් හෝ කිසි­යම් අප­රා­ධ­යක් සඳහා පැමිණ ඇති බවට සැක­ක­රන යුද හමු­දාවේ බ්‍රිගේ­ඩි­ය­ර්ව­ර­ය­කුට අයත් නිල ඇඳුම් කොටස් හා ව්‍යාජ ලෙස සකසා ගත් හැඳු­නු­ම්ප­තක් සහිත පුද්ග­ල­යකු, යුද හමු­දාවේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු ඇතුළු පුද්ග­ල­යන් එකො­ළොස් දෙනෙකු, මෝටර් රථ තුනක්, කැබ් රථ­යක් සමඟ පෙරේදා (23) රාත්‍රියේ වැලි­කන්ද නාම­ල්ගම ප්‍රදේ­ශයේ දී පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

හමු­දාවේ ඇඳුම් කොටස් තොග­යක් සහ ව්‍යාජ හැඳු­නු­ම්ප­තක් ළඟ තබා­ගත් සැක­කරු බදුල්ල ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන අතර යුද හමු­දාවේ සේවයේ නියුතු අනෙක් දෙදෙනා ත්‍රිකු­ණා­ම­ලය හෙන්ද්‍රික් බළ­කො­ටුවේ ආර­ක්‍ෂාවේ නිරත වන පුද්ග­ල­යන් බවට අනා­ව­ර­ණය වී ඇති බව ද වැලි­කන්ද පොලී­සිය සඳ­හන් කරයි.

අත්අ­ඩං­ගු­වට ගත් සෙසු සැක­ක­රු­වන් අට දෙනා යක්කල, පාදුක්ක, ගලේ­වෙල, මිල්ල­වාන, තංගල්ල යන ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් බව ඒ සම්බන්ධ පරී­ක්ෂණ කරන වැලි­කන්ද පොලී­සිය සඳ­හන් කරයි.

පොල්හේ­න්ගොඩ යුද හමුදා කඳ­වුරේ වින­යා­ර­ක්ෂක බළකා නිල­ධා­රීන් පිරි­සක් විසින් ලබා­දුන් තොර­තු­ර­කට අනුව වැලි­කන්ද පොලී­සිය හා එම කඳ­වුරේ නිල­ධාරී කණ්ඩා­ය­මක් එක්ව මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

යුද හමු­දාවේ බ්‍රිගේ­ඩි­යර් නිල තන­තු­රක් දර­මින් පෙනී සිටි පුද්ග­ලයා සතුව තිබූ යුද හමු­දාවේ බ්‍රිගේ­ඩි­යර් තන­තු­රට සමාන ඇඳුම් කට්ටල කීප­යක් සහ ව්‍යාජ හැඳු­නු­ම්ප­තක්ද මෙහි දී අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය පව­සයි.

පොලී­සිය කරන ලද පරී­ක්ෂ­ණ­ව­ලට අනුව යුද හමු­දාවේ බ්‍රිගේ­ඩි­යර් නිල තන­තුර දරන බවට පෙනී සිටි පුද්ග­ලයා යුද හමු­දාවේ සිටි පුද්ග­ල­යකු නොවන බව ද හෙළි වී තිබේ.

පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නිශාන් ද සිල්වා මහ­තාගේ උප­දෙස් මත වැලි­කන්ද වැඩ බලන පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ආර්.එම්.එස්.අයි. රාජ­පක්ෂ මහතා ඇතුළු පොලිස් නිල­ධාරි කණ්ඩා­ය­මක් මෙම වැට­ලීම සිදු­කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් 24 වැනිදා පොලො­න්න­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කරන බව ඒ සම්බන්ධ පරී­ක්ෂණ සිදු­ක­රන වැලි­කන්ද පොලී­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් පොළො­න්න­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු යුද­හ­මුදා සෙබ­ළුන් දෙදෙනා සහ යුද හමු­දාවේ ලෙස රගපෑ පුද්ග­ලයා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­ම­ටත්, සෙසු සැක­ක­රු­වන් 08 දෙනා රුපි­යල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරී­ම­ටත් පොළො­න්න­රුව මහේ­ස්ත්‍රාත් එස්.අන්වර් සදාක් මහතා නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT