Tuesday, May 6, 2025
Home » වටවල බිහිසුණු බස් රථ අනතුරක්

වටවල බිහිසුණු බස් රථ අනතුරක්

by chanaka
November 25, 2024 11:06 am 0 comment

අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටීමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇතැයි වටවල පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (25) උදැසන 6.40 ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.

ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවේ බස් රථය සහ හැටන් සිට මහනුවර දක්වා පෞද්ගලික බස් රථය එකිනෙක ගැටි මෙම අනතුර සිදු වී ඇත.

හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදි පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩිමෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය.

අනතුරෙන් තුවාල ලැබු සිව්දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත්, පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අනතුරෙන් පෞද්ගලික බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT