Home » වගකීම් ඉටු කරන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහයත් අපට දෙන්න

වගකීම් ඉටු කරන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහයත් අපට දෙන්න

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ වැඩ භාර ගනිමින් පවසයි

by manjula
November 25, 2024 12:31 am 0 comment

පැවරී ඇති වගකීම් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා දෙන්නැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා පැවසීය.

නාරාහේන්පිට පිහිටි නිපුණතා පියසේදී වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අපි ඔක්කොම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ, ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ජනතාව විශ්වාසය තබපු රජය කෙරෙහි ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා. ඔබත් ඔබේ සේවාව මේ රජය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ලබා දෙන්න. අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා ඒ වෙනුවෙන් සහාය ලබා දෙන්න යැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහ අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT