Home » පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

පොපි මල් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

by thanushika
November 25, 2024 12:01 am 0 comment

උපාලි කරුණාරත්න

සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය 2024 ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී ඊයේ (24) පෙරවරුවේ පැවැත්විණි.

පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව මේ උත්සවය සංවිධානය කරනු ලැබේ.

උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිගනු ලැබීය. සර්ව ආගමික වතාවත්වලින් පසු දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ අතර, අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයන් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

ආරක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අදමිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්, විදෙස් තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන්, රට වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT