රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකුද සමග ඊයේ (24) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොරවක ප්‍රදේශයේ පදිංචි, පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන 25 හැවිරිදි අයකු වන මොහු රැගෙන ආ ගමන් මලු තුළ මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 39,980ක් සහ ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි 20,000ක් සඟවාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මේ වන විට පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, නීතිවිරෝධි ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි ආනයනය, සන්තකයෙහි තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බදාදා (27) ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුනායක – ටී.කේ.ජී. කපිල