Home » රියාද් හි පළමු “සිලෝන් ටී” ප්‍රදර්ශනාගාරය මෙන්න

රියාද් හි පළමු “සිලෝන් ටී” ප්‍රදර්ශනාගාරය මෙන්න

by chanaka
November 25, 2024 10:03 am 0 comment

සෞදි අරාබියේ ප්‍රථම සුවිශේෂී පිරිසිදු ලංකා තේ සන්නාමය වන “Al WazzahTea” ප්‍රදර්ශනාගාරය සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් පසුගියදා (18) සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි විවෘත කරන ලදී.

පුළුල් පරාසයකින් යුත් ශ්‍රී ලාංකීය තේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරන අතරම විකුණුම් මධ්‍යස්ථානයක් ලෙසද මෙම ප්‍රදර්ශනාගාරය කටයුතු කරන බැවින් සෞදි අරාබි රාජධානියේ වෙසෙන පිරිසිදු ලාංකික තේ ලෝලීන්ගේ දිගුකාලීන අපේක්ෂාවන් මෙයින් සපුරාලයි.

මෙම පහසුකම සෞදි අරාබි රාජධානියෙහි ලංකා තේ කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසද තානාපති අමීර් අජ්වාඩ් මහතා හැඳින්වූවේය.

1962 දී ආරම්භ කරන ලද “Al WazzahTea” සුලෙයිමාන් අල් අබ්දුල් කරීම් සහ සහෝදරයෝ සතු ලාංකීය තේ සඳහා සෞදි අරාබියේ ප්‍රමුඛතම වෙළඳ නාමයකි. එය කුඩා පවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ අතර මේ වන විට රාජධානියේ ප්‍රමුඛ තේ සන්නාමයක් දක්වා වර්ධනය වී ඇත. වසර 250කට වැඩි අතීතයක් සහිත ලොව ප්‍රමුඛතම ශ්‍රී ලාංකීය තේ සමාගමක් වන Finlays විසින් සපයනු ලබන 100% ස්වභාවික පිරිසිදු ලංකා තේ Al WazzahTea හි අඩංගු වන අතර එහි නිෂ්පාදන අලෙවි කරනු ලබන්නේ Sawm ලාංඡනය යටතේය. Al WazzahTea අරාබි ලෝකය පුරා ස්ථාපිත වී ඇති අතර ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් රස විඳිති.

තානාපතිවරයා සමඟ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් / වාණිජ ටෂ්මා විතාන්වසම් මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT