නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමඟ මහමැතිවරණයේ දී සන්ධානගතව තරග කළ බැවින් ඒ සඳහා අවස්ථාව හිමිවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමඟ සාකච්ඡා කළ බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පෙරේදා (23) පක්ෂ මූලස්ථානයේ දී සාකච්ඡාවක්ද පැවැත්වූ අතර මෙම අවස්ථාවට දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.