Home » ශ්‍රීල­නි­පය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් ඉල්ලයි

ශ්‍රීල­නි­පය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යක් ඉල්ලයි

by damith
November 25, 2024 1:04 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුර­යක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය එම පෙර­මු­ණෙන් ඉල්ලී­මක් කර තිබේ.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ සමඟ මහ­මැ­ති­ව­ර­ණයේ දී සන්ධා­න­ග­තව තරග කළ බැවින් ඒ සඳහා අව­ස්ථාව හිමි­විය යුතු බව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති, හිටපු අමාත්‍ය නිමල් සිරි­පාල ද සිල්වා මහතා පැවැ­සීය. මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ සමඟ සාකච්ඡා කළ බව ද නිමල් සිරි­පාල ද සිල්වා මහතා පැවැ­සීය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නියෝ­ජි­ත­යන් පෙරේදා (23) පක්ෂ මූල­ස්ථා­නයේ දී සාක­ච්ඡා­වක්ද පැවැත්වූ අතර මෙම අව­ස්ථා­වට දුමින්ද දිසා­නා­යක, ලසන්ත අල­ගි­ය­වන්න මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධා­නීන් පිරි­සක් එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT