අමෙරිකාවේදී රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති 6 වැනි ලෝක කැරම් ශූරතා තරගාවලියේ රිදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් පෙරේදා රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණියහ. ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ ෂයිඩ් හිල්මි සහ අනාස් අහමඩ් මෙන්ම හිරුෂි මල්ෂානි සහ තරුෂි හිමහංසිකා මේ තරගාවලියේ දී කාන්තා සහ පිරිමි යුගළ තරගවලදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
2010 වසරේ සිට තම ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවකු නොමැති බවත්, එනිසා ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතාවලට මුහුණ දී ඇති බවත්, ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා ජෝසප් රොෂිටා ගුවන්තොටුපොළේදී මාධ්‍ය හමුවේ අනාවරණයක් ද කළාය. ක්‍රීඩක පිරිස පිළිගැනීම සඳහා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල