87
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක සිදුව ඇති නායයෑම් කිහිපයක් හේතුවෙන් අද (26) දින දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇතැයි බදුල්ල දුම්රිය ස්ථානය පවසයි.
බදුල්ල සහ ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර උඩුවර සහ ආරුක්කු නවය පාලම ආසන්නයේ නායයෑම් දෙකක් ද අඹේවෙල ප්‍රදේශයේ තව නායයැමක්ද වාර්තා වි ඇති බව බදුල්ල දුම්රිය ස්ථානාධිපති පැවසීය.
ඒ අනුව අද(26) උදෑසන බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගැනීමට නියමිතව තිබු උඩරට මැණිකේ සිඝ්‍රගාමි දුම්රිය ධාවනය නොකල බවත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ඊයේ (25) රාත්‍රි පැමිණි දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නවතා ඇතැයිද වාර්තාවේ .