Home » මධ්‍යම කඳුකරයේ රථ වාහන ධාවනයේ දී ප්‍රවේසම් වන්න

මධ්‍යම කඳුකරයේ රථ වාහන ධාවනයේ දී ප්‍රවේසම් වන්න

by yasara
November 26, 2024 12:02 pm 0 comment

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (25)  දින රාත්‍රියේ සිට කඩින් කඩ අධික වර්ෂාව පතිත විමත් සමග ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් හට ගැනිමටහේතුවෙන් ජන ජිවිතයට මෙන්ම රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, හැටන් සිට නුවරඑලිය සහ අතුරු මාර්ග වල මෙම ඝන මිදුම් තත්ත්වය පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙයි.

පවතින ඝන මිදුම් තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT