Home » ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්

by chanaka
November 26, 2024 3:03 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මේ අනුව, එම විවාදය ලබන මස 3 සහ 4 දිනවල පැවැත්වීමට නියමිතය.

අභිනව පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ.

එහිදීයි, ජනාධිපතිවරයා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් කිරීමටත් එම විවාදයෙන් පසුව ඡන්ද විමසීමක් කිරීමටත් පක්ෂ නායකයින් තීරණය කර ඇත්තේ.

එහිදී දෙසැම්බර් 03 වනදා සිට පාර්ලිමේන්තු සතියේ කටයුතු සිදුකෙරෙන ආකාරය සාකච්ඡා කර එකඟතාවයකට එළැඹුණු බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මෙයට අමතරව අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව ලබන මස 5 සහ 6 දිනවල විවාදයට ගැනීමටද එහිදී තීරණය කර ඇත.

අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යෑමට බලාපොරොත්තු වන බව පක්ෂ නායකයන් එහිදී සඳහන් කර ඇත.

අතුරු සම්මත ගිණුමෙන් ලබන වසරේ අප්‍රේල් 30 දක්වා රජයේ කටයුතු පවත්වාගෙන යෑමට මුදල් වෙන් කෙරෙනු ඇත.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT