Home » ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි

ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි

by chanaka
November 26, 2024 2:52 pm 0 comment

චීනය ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය තහවුරු කිරීමට අඛණ්ඩ ව දායක වන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ බෙයිජිං හි පැවැත්වෙන චීන ජාත්‍යන්තර සැපයුම්දාමය තහවුරු කිරීමේ 2 වන ප්‍රදර්ශනයට එක්ව සිටින ව්‍යවසායයන්හි නියෝජිත පිරිස සමග ඊයේ(25) සුහද පිළිසඳරකට එක්වෙමිනි.

Sumitomo විදුලි කර්මාන්ත සමාගම, Apple සමාගම, Chia Tai සමූහය, ඇමරිකා-චීන ව්‍යාපාර කවුන්සිලය ඇතුළු ව්‍යවසායයන් හා ආයතන රැසක ප්‍රධානීහු ඊට සහභාගී වූහ. චීන වෙළඳපොළ, ගෝලීය කාර්මික සැපයුම්දාමය සඳහා වන වැදගත් කොටසක් බවත් ගෝලීය වශයෙන් සම්බන්ධතා පැවැත්වීමට හා නවෝත්පාදනයෙන් යුත් සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දී ඇති බවත් ඔවුන්ගේ පොදු අදහස වී ඇත. චීනය ලබා ගෙන ඇති සංවර්ධන ජයග්‍රහණ පිළිබඳ අවබෝධ කර ගත් ‍විදේශ ව්‍යවසායයන් චීන ආර්ථිකය කෙරෙහි දැඩි විශ්වාසයක් පළ කර තිබේ. එමෙන්ම චීනය තුළ සිය ව්‍යවසායයේ සංවර්ධන තවදුරටත් පුළුල් කිරීමට සූදානම් බව ද ඔවුහු සඳහන් කළහ.

එහිදී චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා සඳහන් කළේ චීන වෙළඳපොළට ප්‍රවේශයන් තවදුරටත් පුළුල් කරනු ඇති බවත් විදේශ ව්‍යවසායයන්‍ට චීනය තුළ තවදුරටත් කාර්මික ක්ෂේත්‍ර සහයෝගීතා පැවැත්වීමට ආරාධනා කරන බවත් ය. ගෝලීය කාර්මික සැපයුම් දාමයේ තිරසර පැවැත්ම වෙනුවෙන් දායකවන්නකු ලෙස කටයුතු කිරීමෙන් ඉහළ සංවර්ධනයක් සාක්ෂාත් කර ගත හැකි බව හෙතෙම එහි සිටි විවිධ ව්‍යවසායයන්ට සුබ පැතුම් එක් කරමින් සඳහන් කළේය. එසේ ම, සියලුම රටවලට පොදු සමෘද්ධියක් ළඟා කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT