කැලින් සබන් සම්බන්ධයෙන් ද්වේෂසහගතව youtube හා අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් පැවැත්වූ සාකච්ඡාවක වීඩියෝපට පිළිබඳ නීතිඥ අමිල එගොඩ මහ වත්තගේ මහතා සහ එම සමාගමේ ජාතික අලෙවි කළමනාකරු සුදාරක චිරන්ත මහතා විසින් ඊයේ (25) දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.
කැලින් ආයතනයට විරුද්ධව එහි කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් තරගකාරි සමාගමක අධ්යක්ෂවරයකු විසින් කිසිදු සත්‍යතාවක් නැති අසත්‍ය කරුණු සමාජගත කරමින් ද්වේශසහගතව මෙම ප්‍රකාශ සිදුකර ඇති බවට පැමිණිල්ලේ තවදුරටත් සඳහන්ය. එම සාපරාධී ප්‍රකාශ සිදුකළ අදාළ සමාගමේ අධ්යක්ෂවරයාට සහ එම ප්රකාශනය සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කළ අදාළ යූටියුබ් නාළිකාව සහ එම නිවේදකයාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට එමඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.