Monday, May 5, 2025
Home » උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කෙරේ

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කෙරේ

by yasara
November 26, 2024 11:00 am 0 comment

මේ දිනවලදී ඉහළ ජල පෝෂක ප්‍ර දේශවලට නොකඩවා ඇද හැලෙනඅධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය රත්කිඳ මහවැලි මහා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාමට පටන්ගෙන ඇති බැවින් ජලාශයේ වාන් දොරටු 07ම ඊයේ  (25) රාත්‍රී10.30 සිට විවෘතකරන්නට සිදුවූ බව ජලාශය භාර තාක්ෂනික නිලධාරි දීප්ත ජයසේකර    මහතා පැවසීය.

මේ අනුව තත්පරයට ඝන මීටර් 420ක පමණ ජල ප්‍රමාණය වාන් දොරටු වෙතින් උල්හිටිය ඔයට මුදාහැරේ.

දොරටු හයක් මීටර් 02 බැගින්දඑක් දොරටුවක් මීටර් 0.1 බැගින්ද උදෑසන 06.00වනවිට විවෘත කර ඇත.

ජලාශයට එකතුවන ජල ප්‍රමාණය තව තවත් වැඩිවෙමින් පැවතියහොත් ජලාශයේ ආරක්ෂාව සදහා ඊට ගැලපෙන අයුරු වාන් දොරටු විවෘත කිරීමට සූදානම් බවද හෙතෙම පැවසිය.

උල්හිටිය ඔය දෙපස සිටින අගලඔය,හොබරියාව, රත්කිද,බෙලගම්වැව,උල්හිටිය, තෙල්දෙනියාය යන ගොවි ගම්මාන වල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසද වාරි ඉංජිනේරුකාර්යාලය දැනුම් දෙයි.

මේ වනවිට ගිරාදුරුකෝට්ටේ-සිට පහළරත්කිද හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගය මුළු මනින්මපිටාර ජලයෙන් වැසී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතකලයුතු බවටද දැනුම් දී තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT