82
අධික වර්ෂාව හේතුවෙන් උතුරේ සියලුම කුඩා වැව් පිටාර ගලන්නට පටන් ගෙන ඇති අතර එම ජලය එකතු වීම නිසා උතුරේ මධ්‍යම ප්‍රමාණයේ වැව් අටක් කැඩී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි වාර්තා වෙයි
කැඩී යාමට ආසන්න වූ වවුනියාවේ වැව් දෙකක් හා සෙට්ටිකුලම ප්‍රදේශයේ වැවක්ද මුලතිව් තන්නිමුරුප්පුවව හා ඔතියමඩු වැවද වාරිමාර්ග නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් එක්ව වැව් බැමි වලට වැලි කොට්ට ගසා වැව් බැමි බේරා ගෙන තිබේ.
වැව් බැමි කැඩී යා හැකි වැව් වලට පහල කොටස් වල ජීවත් වන වැසියන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස නිලධාරීන් උපදෙස් දී තිබේ.
උතුරු පළතට දින නවයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මේ දක්වා පහව ගොස් නොමැත.