Home » කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

by chanaka
November 26, 2024 3:12 pm 0 comment

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද (26) රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල් දුම්රිය රාත්‍රී 8.30 ට පිටත් වීමට නියමිතය.

දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT