Saturday, May 3, 2025
Home » දිස්ත්‍රික්ක 03කට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 03කට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරේ

by chanaka
November 27, 2024 2:17 pm 0 comment

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවයි.

“මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීම සඳහා රතු නිවේදන නිකුත්කර තිබෙනවා. යම්කිසි ආකාරයකට කඳු නායයාම් තියෙන නිසා.

ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල නායයෑම අවදානමක් තියෙන නිසා එයින් ඉවත් වෙන්න කටයුතු කරන්න.”

මේ අතර නොසිලිකිළිමත්ව කටයුතු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT