Home » වැව් බැඳි රටට මහ වැස්සෙන් දැඩි පීඩා – පුද්ගලයන් 5976 ක් අවතැන්

වැව් බැඳි රටට මහ වැස්සෙන් දැඩි පීඩා – පුද්ගලයන් 5976 ක් අවතැන්

by yasara
November 27, 2024 3:30 pm 0 comment

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ  පවුල් 1862 ක පුද්ගලයන් 5976 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි .

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට බලපෑම් සිදුකර ඇත.

මැදවච්චිය , හොරොව්පතාන , කහටගස්දිගිලිය සහ මහ විලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුද්ගලයන් 364 දෙනෙකු සුරක්ෂිත ස්ථානවල රඳවාලමින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමට කටයුතු කර ඇති බවත් නොච්චියාගම සහ රාජාංගනය යාය 18 පුද්ගලයන් අනූ හතර දෙනකු ද සුරක්ෂිත ස්ථානවල රඳවාලමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

රාජාංගනය , කලා වැව , පදවිය වැනි මහා ව්‍යාපාර ජලාශවල දොරටු විවෘත කර ඇති බවත් මෙම හෙයින් පහත් බිම් වලට බලපෑමක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT