Friday, May 2, 2025
Home » අගමැති හරිනි හමුවූ විදෙස් තානාපතිවරු කිව්ව දේ

අගමැති හරිනි හමුවූ විදෙස් තානාපතිවරු කිව්ව දේ

by chanaka
November 27, 2024 4:30 pm 0 comment

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් විය. මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

ඊජිප්තුවේ තානාපති, Adel Ibrahim, ඉරානයේ තානාපති, ආචාර්ය Alireza Delkhosh, ජපානයේ තානාපති, ISOMATA Akio, සහ වතිකානුවේ තානාපති (Apostolic Nuncio) වන අතිඋතුම් රදගුරු Monsignor Brian Udaigwe, යන විදෙස් තානාපතිවරුන් මෙලස අගමැතිවරිය හමුවී සාකච්ඡා කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT